Health
අහන්නත් පුදුමයිෟ
නාසය ඇතුළෙත් ගල් ඇති වෙනවාලු
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුර කන නාසය පිළිබඳ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සීතා අරඹේපොල
සිරුරේ ඇතැම් ඉන්ද්‍රියන්වල ගල් සෑදිම අද බොහෝවිට දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්ග සාමාන්‍යයෙන් ගල් සෑදෙන ඉන්ද්රියයන් අතර පිත්තාශයල වකුගඩුල මුත්රාශයල මුත්‍රා මාර්ගය ප්රමුඛ ස්ථානයක් ගනීග නමුත් ඔබ ඇසුවොත් පුදුමයට පත්වන බොහොදෙනෙක් නොදන්නා රෝගී තත්ත්වයක් පිළිබඳවයි අද ඔබට විග්රහ කරන්නේග ඒ නාසය තුළ ගල් ඇතිවීමයිග
නාසය තුඳූළ ගල් ඇතිවීමට බලපාන හේතු කිහිපයක් ඇතග ඒවා අතර යම් පුද්ගලයකුගේ නාසයෙන් නිරන්තරයෙන් රුධිරය වහනය වීම සිදුවන්නේ නම් එය නාසයේ ගල් ඇතිවීමට බලපාන හේතුවක් වේග එසේම ඇතැමෙකුගේ නාසයෙන් නිතරම දුර්ගන්ධයක් හමයි නම් එසේම නාසයේ අවහිරතාවයක් දැනෙන්නේ නම් අධික ලෙස කඳුළු ගලයි නම් එවැනි රෝග ලක්ෂණ නාසයේ ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයක් පූර්ව ලක්ෂණයක් විය හැකග තවත් රෝග ලක්ෂණයක් ලෙස රෝගීන් පවසන්නේ තදින් හිසරදය ඇති වීමයිග
නමුත් මෙම පූර්ව රෝග ලක්ෂණ ඇතැම් රෝගීන් පැවසුවදල බොහෝදෙනා මෙම රෝගී තත්ත්වය පීනස් යැයි වටහා ගෙන පීනසට පිළියම් කිරීම සිදු කරතිග
එබැවින් ඉහත රෝග ලක්ෂණ ඇතොත් වහාම කළ යුත්තේ වෛද්‍යවරයෙකු මුණ ගැසීමයග එවිට ඔබේ වෛද්‍යවරයා නාසය හොඳින් පරීක්ෂා කර අවශ්‍ය නම් nasal
endoscopy පරීක්ෂණය සිදු කොට නාසය අභ්‍යන්තර පරීක්ෂාවට ලක් කරන අතර එම පරීක්ෂණයෙන් නාසය තුළ ගල් ඇති බව හඳුනාගතහොත් වැඩිදුර නිරීක්ෂණය කිරීම සඳහා C.T Scan පරික්ෂණයක් හෝ X ray කිරණ පරීක්ෂණයක් සඳහා අනිවාර්යෙන්ම ඔබ යොමු කරවනු ඇතග
තවද උගුරල කනල නාසය පිළිබඳ වෛද්‍යවරයෙකුට සායනික පරික්ෂණයක් තුළින් පහසුවෙන් මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකිවනු ඇතග
නාසය තුළ ගල් ඇතිවීමට හේතුව විමසා බලමුග
නාසයේ ගල් ඇතිවීමට හේතුවන ප්‍රධාන කරුණ වන්නේ පිටතින් නාසයට ඇතුළු වන ද්‍රව්‍යයක් වටා හෝ ලේ කුටියක් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් නාසය තුළ රැඳී එය වටා කාලයක් පුරා කැල්සියම් හා මැග්නීසියම් අංශු තැන්පත් වීම නිසා මෙලෙස නාසයේ ගල් ඇතිවීමට ඉඩ ඇතග
එය කාලයත් සමඟ ඇතැම්විට විශාල ප්‍රමාණයකට වර්ධනය වේග මෙවැනි අවස්ථාවලදී මෙම ගල් නාසය තුළ ගැඹුරට කිඳා බැස ඉහත සඳහන කළ විවිධ රෝග ලක්ෂණ ඇති කිරීමට සමත් වේග
නාසය තුළ ඇති ගල් ඉවත් කරන ආකාරය
මෙවැනි තත්ත්වයන් හඳුනා ගැනීමෙන් පසු රෝගියාට නිර්වින්දනය කොට එම ගල් ඉවත් කිරීම සිදු කළ යුතු වේග මෙලෙස ගල් ඉවත් කිරීමේදී නාසයෙන් අධික ලෙස රුධිරය වහනය වීම සම්භාවිතාවය වැළැක්විය නොහැකග එහෙයින් මෙම ගල් ඉවත් කරණුයේ ශල්‍යාගාරයක් තුළදීයග එයට හේතුව වන්නේ අධික ලෙස රුධිර වහනය වළක්වා ගැනීම සඳහාත් විෂබීජවලින් ආරක්ෂා කර ගැනීම සඳහාත්යග
තවද නවීනතම ප්‍රතිකාර ක්‍රමයක් වන භ්ි්ක ැබාදිජදචැ කැමරාවක ආධාරයෙන් ශල්‍යාගාරයක් තුළ මෙම ගල් ඉවත් කළ හැකග මෙලෙස නාසයේ ගල් ඉවත් කිරීමේදී ගල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අනිවාර්යය වේග එවිට නැවත වර්ධනය වීම වළක්වාගත හැකි වන හෙයිනිග
දීප්ති ෆොන්සේකා
curtesy :dinamina.lk